Monday 7 October 2019

නවසීලන්ත චාරික සටහන් -4 වනකා ( Wanaka)

අද අපි franz josef සිට නවසීලන්තයේ දකුණු දෙසට සන්චාරය කිරීමට සූදානම්. අද රැයේ Queenstown වෙත ලගා වීම අපේ ඉලක්කයයි .
කිලෝමීටර් 350 දිගු ගමනේ විරාමයක් ලබා ගැනීමට අතරමග වනකා නගරයේ සන්චාරයක ආකර්ශණ කීපයක් නැරඹීම අපේ සැලසුම උනා .
ඉතින් උදාසන සුන්දර franz josef නගරයට ආයුබෝවන් කියා අප දකුණු දෙසට ගමන ඇරඹුවා.
ගමනේ මුල් පැය කීපය කදු පන්ති මැදින් විහිදුනා. මගදෙපස දිය ඇලි සිය ගනනාවක් පසු කරමින් මීදුම මැදින් අප ගමන් කලා.
මෙම ඉසව්වේ පා ගමනක් යෑමට සිතා සිටියද නොනවත්වා ඇද හැලුනා පොද වැසි අපේ ඒ අදහස ව්‍යාර්ථ කලා.
ඉන්පසු මාර්ගය මුහුදු තීරයක් හා සමාන්තරව වැටුනා. එයත් සුන්දර අත්දැකීමක් .
මේ සියල්ල නරඹමින් පොද වැසි අතරින්ම අපි ඊලගට වනකා විල(lake Wanaka) සහ හාවී විල(lake Hawea) පසු කර ගොස් වනකා නගරයට සේන්දු උනා. මේ වනවිට කිලෝමීටර් 290 පමණ ගෙවා විත් තිබුණු නිසා හිතට සහනයක් දැනුනේ ඉදිරියට යෑමට ඇති දුර අඩු නිසා. වනකා නගරයට ආසන්න වනතුරුම කිසිම මිනිස් වාසයක් දකින්නට ලැබුනේ නැති අතර මග තනි නොතනියට තිබුණේ ඉදහිට හමුවුණු වාහනයක් පමණ.
වනකා නගරයේදී දිවා ආහාරය ලබා ගත් අප ඒ අසලම පිහිටි ලැවෙන්ඩර් ගොවිපොළක් නැරඹීමට පිටත් උනා. එහි මල් වලට අමතරව කුඩා සත්තු වත්තක් බදු පෙදෙසකුත් තිබුනා . සත්තුන්ට කෑම කැවීමට අවසර ලැබීම නිසා දරුවන් අතිශය සතුටට පත් උනා.
සුන්දර මල් පාත්ති අතර ඇව්දින විට එතෙක් තිබූ වෙහෙසකර ගතිය පහවී ගියා.
නිවසට ගෙනයාමට ඉහළ තත්ත්වයේ මී පැණි සහ ලැවෙන්ඩර් තෙල් මිලදි ගත් අප ඉන් අනතුරුව ඊලඟ නැවතුම සොයා රිය ධාවනය කලා .
නවසීලන්තයේ ජාතික ප්‍රවාහන සහ සෙල්ලම් බඩු පිළිබඳ කෞතුකාගාර වෙත අප පැමිනෙන විට හවස 3.30යි.
මෙම ස්තානය දකුණු අර්ධගෝලයේ පිහිටා ඇති විශාලතම එකතුවක් වශයෙන් සලකන අතර මෙහි වාහන 650 වඩා ප්‍රමාණයක්, ගුවන් යානා 15ක් සහ සෙල්ලම් බඩු හැටදහසක පමණ ප්‍රමාණයක් ප්‍රදර්ශනය කර තිබෙනව.
පැය එකහමාරක් ඇතුලත නරඹා ඉවර කර ගත නොහැකි තරම් පැරණි වාහන සහ සෙල්ලම් බඩු රැසක් මෙහි ප්‍රදර්ශනය කෙරුනද කෙසේ හෝ පුලුවන් තරමින් නැරඹීමට සිතා ප්‍රවේශ පත් ලබා ගත් අප කුඩා සෙල්ලම් බඩුවක සිට පැරණි ගුවන් යානා දක්වා නොයෙක් අයිතම නරඹමින් විශාල ආශ්වාදයක් ලබා ගත්තා.
සවස 5.30 පමණ වනකා නගරයෙන් පිටවුනු අප ගමනේ ඉතිරිය ආරම්භ කලා .
Cardrona නිම්නය හරහා පැමිණි ඒ ගමනත් සුන්දරත්වය අතින් ඉහළයි. Cardrona bra fence එක අහම්බෙන් දුටු සැනින් මේ ගැන කලින් අන්තර්ජාලය ඔස්සේ කියවා ඇති බව මතක් වී නැවත හරවා ගෙන ගොස් එයද නැරඹූවා.
අවසානයේ අප Queenstown වෙත ලගා වනවිට හවස 7කිට්ටු වී තිබුනා.




වනකා විල

හාවී විල




















Cardrona bra fence

Cardrona bra fence



2 comments:

  1. ඒ කාර් ටික නම් සිත බැඳගත්තා. අර වැටත් නියමයි.

    ReplyDelete
    Replies
    1. මේ මගේ බ්ලොග් සටහනකට වැටුනු පළමුවන කොමෙන්ට් එක. ඔබේ බ්ලොග් එක මා ඉතාමත් රස විදි එකක්. බොහොම ස්තූතියි කොමෙන්ට් එකට. ඔව් මේ කාර් පින්තූර ටිකයි දැම්මේ එතනින් එන්න හිතුනේ නෑ වාහන ටිකට ආසාවෙ. වැටත් නරක නෑ තමා ඉතින්....

      Delete