Monday 7 October 2019

නවසීලන්ත චාරික සටහන් -2 ග්‍රේමවුත්


ග්‍රේමවුත් නගරය නවසීලන්තයේ බටහිර වෙරළ තීරයේ පිහිටි ප්‍රධාන නගරයක්. අප මෙහිදී මූලික වශයෙන් සැලසුම් කර තිබුනේ ග්‍රේමවුත් නගරයට කිලෝමීටර් 43 උතුරු දෙසට පිහිටි පුනකයිකි පෑන් කේක් රොක්ස් සහ හුම්මානය බදු ස්තානයක් නැරඹීම සහ ඉපැරැණි ගල් අගුරු ආකරයක් නැරඹීමයි. මේ ස්තාන වෙත ගමන් කරන අතර මග දෙපස හමුවන වෙනත් සුන්දර ස්තානත් නැරඹීම අපේ සැලසුම උනා.
අප පුනකයිකි පෑන් කේක් රොක්ස් සහ හුම්මානය(Punakaiki Blowholes & Pancake Rocks) වෙත උදාසන 10 පමණ වනවිට පැමිනුනා . මුහුද වෙතට නෙරා ගිය මෙම ගල්පර බැලූ බැල්මට පෙනුණේ එකමත් එක තබා ඇති පෑන් කේක් ගොඩක් ලෙස. Pancake Rocks යනුවෙන් නම් ලැබී ඇත්තේ එනිසාමයි.
වසර මිලියන 30 පෙර මුහුද පතුලේ මියගිය මුහුදු ජීවීන් සහ මුහුදු ශාක තැන්පත් වී මුහුද යට පීඩනය නිසා තට්ටු ආකාරයකට හුණුගල් ආකෘති නිපදවීම සිදු වී තිබෙනවා. ක්‍රමයෙන් භූ කම්පන ක්‍රියාවෙන් හුණුගල් මුහුදු පතුලින් ඉහළට ඔසවා ඇත. එනිසා අද අපට මේ සොභාදහමේ සුන්දර නිපැයුම දැක් බලා ගත හැකියි.
රථගාලේ සිට ව්නාඩි 30 පමණ ඇවිදීමකින් පසු මේ වෙත ලගාව්ය හැකියි.
අප මෙහි සුන්දරත්වය විදිමින් සිටින අතර තුර හදිසියේ මහ වර්ශාවක් ඇද හැලුනා. මෙවැනි තත්ත්වයක් ඇති වුවහොත් කියා අප වැසිකබා ගෙන ගොස් තිබුනත් ඒවා එලියට ගෙන ඇද ගන්නා විටත් අප සෑහෙන තෙමී තිබුනේ වැස්ස තදටම ඇදහැලුනු නිසා.වැස්සට වඩා හැමූ සුළග අපට අතවර කලේ වැහි කබා උදුරාගෙන යන්නට තැත් කිරීමෙන්. කොහොම උනත් එයත් අපට සිනහ වට කාරනාවක් උනා.
පටන් ගත්වේගයෙන්ම වැඩ්‍ වෙලා නොයා වැස්ස නතර උනා .
පෑන් කේක් රොක්ස් අතරින් මුහුදු වතුර වේගයෙන් ගලා විත් වතුර උඩට විදින ආකාරය ඉතා චමත්කාර ජනකයි.
කොතෙක් නැරඹුවත් ඇති නොවුනත් තවත් වැස්සකට බියවූ අප ආපසු ගමන ඇරඹුවා. රථගාල ආසන්නයේ සමරු සිහිවටන වෙළෙඳ සැලකටත් ගොඩවූ අපි දහවල් 12 පමණ වනවිට එතැනින් නික්මුණේ දිවා ආහාරය සදහා ග්‍රේමවුත් කරා පැමිනෙන්නට.
එන මග දිගටම ඉතා ලස්සන මුහුදු තීරයක් සහ දිය පාරවල් පසු කරමින් ආ ගමන තවත් ලස්සන මතකයන් අපේ ගමනට එකතු කලා.
දහවල් ආහාරයෙන් පසු අප බ්‍රනර් ගල් අගුරු ආකරය(Brunner Mine Site) බලා පිටත් වුනා.
මෙහි විශේෂත්වය තමා නවසීලන්තයේ මෙතෙක් සිදු වූ දරුණුම ආකර අනතුරු සිදුවූ ස්තානය වීම. මෙම අනතුර නිසා මිනිසුන් 65 දෙනෙකුට ජීවිත අහිමිව ඇත්තේ 1896 වසරේදීය. මෙහිදී උගත් පාඩම් නිසා නවසීලන්තයේ ආකාර සම්බන්ධ නව නීති රීති පැනවූනු බවත් එයින් සමස්තයක් ලෙස ආකර කරුවන්ගේ ජීවිත වඩා ආරක්ශාකාරී බවට පත්වුනා. එනිසා මෙය වැදගත් ස්තානයක් ලෙස සලකනවා.
අනතුර සිදු වූ උදෑසන ආකරය ඇතුළට යෑම අශ්වයන් තරයේ ප්‍රතික්ශේප කල බවත්, සියලු උත්සාහයන් නිෂ්ඵල උනු පසු අශ්වයන්ගේ ඇස් රෙදි කඩකින් ආවරණය කර උන් ආකරය ඇතුලට ගෙනගිය බවත් මෙහි සදහන් කර තිබුනා. අනතුරින් පසු මෙම අශ්වයන් මිනිසුන්ට අනතුරු ඇගවීමට කටයුතු කල ආකාරය කතා බහට ලක් වී තිනුනා.අවාසනාවන්ත අයුරින් අනතුරි මිනිසුන් 65 දෙනාට අමතරව අශ්වයන් සියල්ලොද මිය ගොස් තිබුනා.
තවත් වැස්සක් එන පෙර ලකුණු දුටු අප ග්‍රේමවුත් වෙතට සමුදී එදින රැය ගත කිරීමට වෙන් කර ගෙන තිබුණු fox glacier වෙත කිලෝමීටර් 200ක ගමන ආරම්භ කලා.




















No comments:

Post a Comment