Monday 7 October 2019

නවසීලන්ත චාරික සටහන් -3 Franz Josef ග්ලැසියර සහ මැතිසන් විල

මෙදින අප ඉතා ආශාවෙන් බලා සිටි ග්ලැසියර් බැලීමට යන දිනය. උදාසන ආහාරයෙන් පසු අප නවාතැනින් නික්මුණේ Franz Josef Glacier වෙත යෑමට.
Franz Josef නගරය පසු කරමින් අප ග්ලැසියර් කරා රිය පැදවූයේ මග දෙපස සුන්දරත්වයෙන් වශී වෙමින්.
නියමිත ස්තානයට පැම්ණ අප එදින ග්ලැසියර් වෙතටම ඇවිදීම ආරක්ෂාකාරී බවට සටහන් කර තිබුණු අයුරු දැකීමෙන් සැනසුම් සුසුම් හෙලුවා.
එතැනින් පිටව පැය එකහමාරක ඇවිදීමකින් පසු ග්ලැසියර් කදු මුදුන අසලට පැමිණීමට ලැබුනා . මෙම පා ගමන දියඇලි , දිය පාරවල් සහ අති සුන්දර කදු වැටී පසු කරමින් ආ නිසා අප කිසිවෙකුටත් කිසිම විඩාවක් දැනුනේ නැහැ.
කනගාටුවට කාරනාව උනේ තැන තැන දැන්වීම් පුවරු වල පසුගිය අවුරුදු 100 පමණ කාලයේ මිහිතලයේ උනුසුම ඉහළ යාම නිසා ග්ලැසියර් ඉතා සීග්‍රයෙන් දිය වී යන අයුරු ගැන තිබූ තොරතුරු.
ඉතා සුන්දර ග්ලැසියරය වෙත ගිය අප එහි චමත්කාරයෙන් මන්මත් වී පැයකට වැඩි වෙලාවක් එහි රැදී සිට අකමැත්තෙන් උනත් ආපසු ගමන් ඇරඹුවේ දවසේ ඉතිරි සැලසුම් සදහා වේලාව අවශ්‍ය නිසා.
ග්ලැසියර් සහ හිම දිය වෙමින් ගලා හැලෙන සීතලම සීතල දිය පහරකින් වතුර පොදක් රසබැලීමට අප අමතක කලේ නැහැ.
නැවතත් franz josef නගරයට පැමිණී අප එහිදී දිවා ආහාරය ලබා ගත්තා.
හවස් වරුවේ මැතිසන් විල වෙත චාරිකාවේ යෙදුණු අප විල වටා පාගමනින් ගියේ සොබාදහම් මාතාවගේ සුන්දර නිපැයුම් වින්දනය කරමින්.
මෙම විලේ එක ස්තානයක සිට බැලූ විට උදාසන අප දුටු ග්ලැසියර් දැක ගතහැකි අතර එහි ප්‍රතිබිම්බය විලේ ජලය මතට වැටී සුන්දර දර්ශනයක් මැවුනා.
නවසීලන්තයේ සාරවත් තණ බිම් වල තණකොළ උලා කමින් සිටි ගව පට්ටි පසු කරමින් අප නැවතත් සැදෑ කලුවර සමග නවාතැනට පැමිණියා.

අප නවාතැනේ සිට පෙනුන ග්ලැසියර්



Franz Josef Town





මෙතැන සිට අර ඈත පෙනෙන කදු මුදුන දක්වාම 2009දී ග්ලැසියරය තිබී ඇතත් මිහිතලයේ උනුසුම වැඩි වීමේ ප්‍රතිපලයක් ලෙස දැන් එම ග්ලැසියර දියවී ගොසිනි



මැතිසන් විල කරා පා ගමනින්





No comments:

Post a Comment